සිංහල අවුරුදු උත්සවය

පැරැණි සිංහල සමාජයේ පටන් පැවත එන විශිෂ්ට සංස්‌කෘතික උත්සවය වන්නේ සිංහල අවුරුදු උත්සවයයි. සූර්යයා පෘථිවිය වටා වටයක්‌ ගොස්‌ මාස දොළහක්‌ අවසානයේ මීන රාශියේ සිට නැවත මේෂ රාශියට පැමිණීම සිංහල ක්‍රමය අනුව නව වසරක්‌ ආරම්භ වීමයි. මෙම සිදුවීම සිදු වන්නේ බක්‌ මාසයේ නොහොත් භාග්‍යවන්ත මාසය වශයෙන් අප හඳුන්වන ඉංග්‍රීසි ක්‍රමයට අනුව අප්‍රේල් මාසයේය. එය සාමාන්‍යයෙන් අප්‍රේල් මාසයේ 12 සිට 14 අතරතුර සිදුවන බව නක්‌ශාස්‌ත්‍රඥයන්ගේ විශ්වාසයයි. අප්‍රේල් මාසය භාග්‍යවන්ත මාසයක්‌ ලෙස අප හඳුන්වන්නේ කෘෂිකාර්මික ජීවන රටාවකට උරුමකම් කියන සමාජයක නිෂ්පාදනවල බවභෝග වර්ගයන්හි අස්‌වැන්න කපා එක්‌ රැස්‌කොට අටුකොටුවල පිරවීම ආරම්භ වීම නිසයි. වි ගොවිතැනට මුල්තැන දෙන ගොවි ජනතාවගේ භාග්‍යවන්ත මෙන්ම සිත් සතුටින් පිරි කාල පරිච්ඡේදයක ආරම්භයද අප දකින්නේ සිංහල අවුරුදු සමයෙහිය.